ඉම්රාන්ගේ දිනුමට  : විරෝධතා හරස් වෙලා  !

ඉම්රාන්ගේ දිනුමට  : විරෝධතා හරස් වෙලා  !

පකිස්තාන මැතිවරණ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් නව ඡන්ද විමසීමක් පවත්වන ලෙස  ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පී.ටී.අයි පක්ෂයට ප්‍රතිවාදී දේශපාලන පක්ෂ ඉල්ලා සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තාවල දැක්වෙන ආකාරයට පසුගිය බදාදා පැවති මහ මැතිවරණයෙන් හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් බලයට පත් වීමට නියමිතව තිබියදී ප්‍රතිවාදී දේශපාලන පක්ෂ කිහිපයකින් සැදුම්ලත් කණ්ඩායමක් ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරමින් මෙසේ  නව ඡන්ද විමසීමක් ඉල්ලා සිටියි.
එසේම ඔවුන් සඳහන් කර සිටින්නේ අදාළ මැතිවරණයේ දී  වංචා සිදු වූ බවය.

මැතිවරණ ප්‍රතිඵල නිකුත් කෙරෙන අතරතුර ඉස්ලාමාබාද් නුවරදී පැවති එකාබද්ධ සාකච්ඡාවකින් පසු දේශපාලන පක්ෂ නායකයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින්  නව ඡන්ද විමසීමක් ඉල්ලා සිටිමින් විරෝධතා දියත් කරන බව සඳහන් කර ඇති අතර පකිස්ථානයේ මීට පෙර බලය හෙබවූ පී.එම්.එල්.එන්. පක්ෂය ඇතුළු ප්‍රතිවාදී දේශපාලන පක්ෂ වල සහයෙන් මෙම විරෝධතා ඇරඹීමේ සූදානමක් පවතින බවද වාර්තා වෙයි.

කෙසේ වුවත් දූෂණ චෝදනාවන්ට වරදකරු වී සිරගතව සිටින පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ සොහොයුරු  ෂෙබාස් ෂරීෆ් නායකත්වය දෙන  පී.එම්. එල්.එන් පක්ෂය මෙතෙක්  පාර්ලිමේන්තුව වර්ජනය කරන්නේ ද නැද්ද යන්න පිළිබඳව මෙතෙක් තීරණයකට එළැඹ නොමැති බව සඳහන් කර ඇත.

කෙසේ වෙතත් ඉම්රාන් ඛාන්ගේ පක්ෂය හැර ප්‍රතිවාදී පක්ෂවලින් සැදුම්ලත් කණ්ඩායමේ ප්‍රකාශක එම්.එම්.ඒ. පක්ෂ නායක ෆසාලූර් රෙහමන් කියා සිටියේ, නැවතත් පකිස්ථාන මහ මැතිවරණය පැවැත්වීම සඳහා විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන බව ය.

කෙසේ වෙතත් පකිස්ථාන මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල මෙතෙක් නිකුත් වී නොමැත.

මේ වන විට නිකුත්ව ඇති ආසන 263ක නිල ප්‍රතිඵලවලට අනුව හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුත් පී.ටී.අයි. පක්ෂය ආසන 115ක බලය හිමි කර ගනිමින් ඉදිරියෙන් සිටියි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න