ඉම්රාන් ඛාන්ගේ දිව්රුම්දීමට විදෙස් රාජ්‍ය නායකන්ට ආරාධනා නෑ 

ඉම්රාන් ඛාන්ගේ දිව්රුම්දීමට විදෙස් රාජ්‍ය නායකන්ට ආරාධනා නෑ 

ඉම්රාන් ඛාන් පාකිස්ථාන අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙන අවස්ථාව සදහා විදේශීය රාජ්‍ය නායකයන් කිසිවෙකුටත් ආරාධනා කර නොමැති බව ඔහුගේ තෙහෙරීක් ඉ ඉන්සාෆ් පක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කල බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය ජූලි 25 වනදා පැවති පාකිස්ථාන මහමැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඉම්රාන් ඛාන් එළඹෙන 11 වනදා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමට නියමිත අතර ඒ සදහා ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ඇතුළු සාර්ක් රටවල රාජ්‍ය නායකයන්ට ආරාධනා කරන බවටද  මාධ්‍ය වාර්තා පළව තිබිණ.  

එහෙත් ඉම්රාන් ඛාන්ගේ පක්ෂයේ ප්‍රකාශකයා සඳහන් කර ඇත්තේ ඉම්රාන් ඛාන්ගේ සමීපතම මිතුරන් හැර වෙනත් විදේශිකයන් කිසිවෙකුටත් ඒ සදහා නොකිරීමට තීරණය කර ඇති බවය.

මේ අතර ඉම්රාන් ඛාන්ගේ දිව්රුම්දීමේ අවස්ථාවට බොලිවුඩ් සිනමා නළු අමිර් ඛාන් සහ ඉම්රාන් ඛාන්ගේ සමකාලීන ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් වන සුනිල් ගවස්කාර්, කපිල් දේව් සහ නව්ජෝත් සිං සිධුට ඒ සදහා ආරාධනා කර ඇති බවද වාර්තා වෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න