වෙනිසුවෙලානු ජනාධිපති නිකලොස් මාධූරෝට ගුවන් ප්‍රහාරයක් !

වෙනිසුවෙලානු ජනාධිපති නිකලොස් මාධූරෝට ගුවන් ප්‍රහාරයක් !

වෙනිසුවෙලානු ජනාධිපති නිකලොස් මාධූරෝ ඉලක්ක කර ගුවන් ප්‍රහාරයක් එල්ල වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාට කිසිඳු හානියක් සිදුව නොමැති අතර එය එල්ලවී ඇත්තේ ජනාධිපතිවරයා කැරකාස් අගනුවර පැවති වෙනිසුවෙලානු හමුදාවේ 81 වැනි සැමරුම් උළෙල අමතමින් සිටියදී ඒ අසළ ගොඩනැගිල්ලකටය. 

 එම උළෙලේ ජනාධිපතිවරයාගේ කතාව එරට රූපවාහිනී නාලිකාවල සජීවීව විකාශය කිරීමට කටයුතු යොදා තිබු නමුත් ප්‍රහාරය සමඟ එම විකාශන කටයුතුද අත්හිටවූ බවද විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන්ය.

ප්‍රහාරය එල්ල වීමත් සමග ආරක්ෂක නිලධාරීන් ජනාධිපතිවරයා වහාම ඉන් ඉවත් කර ඇති අතර සිද්ධියත් සමගම හමුදා උත්තමාචාර උළෙලට එක්ව සිටි පිරිස් සතරඅත දිව යන්නට වූ අතර ප්‍රහාරයෙන් කිසිඳු ජීවිත හානියක් නොවූව ද, හමුදා සෙබළුන් 07 දෙනෙකු තුවාල වූ බවද වාර්තා කර ඇත.

ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ විපක්ෂ දක්ෂිණාංශික පක්ෂයටයි.

කෙසේ වෙතත්, ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාර ගෙන නොමැත.

හිටපු ජනපති හියුගෝ චාවේස්ගේ අභාවයෙන් පසු 2013 වසරේ මාර්තු 5 වැනිදා නිකලොස් මාධූරෝ වෙනිසුවෙලාවේ ජනපති ධූරයට පත්විය.

2015 වසරේදී යළි බලයට පත්වූ මාධූරෝ වෙනිසුවෙලාවේ බලය නැවත තහවුරු කරගත්තේ පසුගිය මැයි මාසයේ පැවති ජනාධිපතිවරණයෙනි.

එහෙත් මැතිවරණය වංචා සහගත බැවින් ප්‍රතිඵලය පිළිගත නොහැකි බවට එරට විපක්ෂය චෝදනා කළේය.

ඔහු මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ද රටවැසියන්ගෙන් ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධතා මතුවෙමින් තිබියදී ය.

 102832318 0acb4c15 bd57 49ee 90fd 3ba804dd5709

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න