Language Switcher

V2025

වොෂින්ටන්: දුම්රියක් අධිවේගී මාර්ගයක් මතට කඩාවැටෙයි

ඇමරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් ප්‍රාන්තයේ දුම්රිය මැදිරි දෙකක් අධිවේගී මාර්ගයක් මතට කඩා වැටීමෙන් "මරණ කිහිපයක්" සිදු වී තිබෙන බව පොලිසිය පවසයි.

දුම්රිය පීලි පැනීමත් සමග එහි මැදිරි දුම්රිය මාර්ගයට පහතින් පිහිටි අධිවේගී මාර්ගය මතට කඩා වැටී ඇත.

ඒ අසල සිටිමින් හදිසි සේවා නිලධාරීන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර ලබා දෙන ආකාරය ඡායාරූපවල දැක්වේ.

තවත් පිරිසක් තුවාල ලබා ඇති බව ඇම්ට්‍රැක් දුම්රිය සේවය තහවුරු කළේය.

අධිවේගී මාර්ගයේ ධාවනය වෙමින් තිබු මෝටර් රථ ගණනාවක් දුම්රිය මැදිරිවලට යටව ඇති බව බලධාරීහු පවසති.

මෝටර් රථ තුළ ගමන්ගත් පිරිසක් ද තුවාල ලබා ඇති බව බලධාරීහු වැඩිදුරටත් කියා සිටියහ.

පෝට්ලන්ඩ් සහ සියැටල් අතර ධාවනය වෙමින් තිබියදී දුම්රිය අනතුරට පත්ව ඇත්තේ එරට වේලාවෙන් උදෑසන 07.30 පමණය.

දුම්රිය අනතුරට පත් වීමට පෙර පැයට කිලෝමීටර 130 පමණ වේගයෙන් ධාවනය වී ඇති අතර අවම වශයෙන් පුද්ගලයන් 75 දෙනෙකුවත් එහි ගමන් කර තිබේ.

ජාතික ප්‍රවාහන ආරක්ෂණ මණ්ඩලය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වමින් සිටියි.

 99261221 captasdfeure

 99261791 3030aa18 edd9 43a2 9437 9f83fd6ab1a4