Language Switcher

V2025

චීනයේ මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රසිද්ධ මරණ දඬුවම අන්තර්ජාලයේ කතා බහට

දකුණු දිග ගුවාංග්ඩොන්ග් පළාතේ පිහිටි ලුෆෙන්ග් නගරයේ අපරාධ සම්බන්ධ නඩු තීන්දු ප්‍රසිද්ධියට පත්කිරීම ඉහළ ගොස් තිබෙන අතර එය කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයක් ලෙස එම නගරයට ලැබී ඇති තත්ත්වය ඉවත් කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙලක් ලෙස පෙනෙන්නට ඇත.

 99266976 077db58f a73a 4784 b651 7e92a0397fffවරදකරුවන් 12 දෙනෙකුට ප්‍රදේශයේ ක්‍රීඩාංගනයකදී මරණ දඬුවම දෙන ආකාරය දැක බලාගැනීම සඳහා පැමිණෙන්නැයි නගරයේ අධිකරණයක් මේ සතියේදී මහජනතාවට ආරාධනා කරනු ලැබූ අතර ඒ සඳහා ජනතාව පැමිණියේ දහස් ගණනිනි.

නඩු තීන්දුවෙන් පසුව අධිකරණයේ අවසරය ඇතිව, මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඬුවමට යටත් කරන ලද 10 දෙනෙකු "මරණ දඬුවම ක්‍රියාත්මක කරන ස්ථානයට වහාම කැඳවාගෙන ගොස් මරා දැමුවා" යැයි පේපර් (Paper) නම්වූ ජනප්‍රිය පුවත් වෙබ් අඩවිය පැවසීය.

නූතන චීනය තුළ ප්‍රසිද්ධියේ දඬුවම් පැමිණවීම දුර්ලභ වුවත්, දකුණු ගුවාංග්ඩොන්ග් පළාතේ එම තත්ත්වය උත්සන්න වෙමින් පවතින බවක් පෙනෙන්නට තිබේ.

පසුගිය ජුනි මාසයේදී ලුෆෙන්ග් නගරය ජාත්‍යන්තරයට පුවත් සිරස්තල සැපයූවේ පුද්ගලයින් 18 දෙනෙකුට එම පළාතේ අධිකරණ දෙකක් විසින් මරණ දඬුවම ප්‍රකාශයට පත්කිරීමත් සමගය. අදාළ පුද්ගලයින්ගෙන් අට දෙනෙක් නඩු විභාගය අවසන් වූ වහාම මරා දැමිණි.

විශේෂයෙන් ම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් තමන් සමග අනවශ්‍ය ලෙස ක්‍රියා නොකළ යුතු බවට ගුවාංග්ඩොන්ග් පළාත් ආණ්ඩුව දරන ස්ථාවරයට අන්තර්ජාලය ඔස්සේ වැඩි අවධානයක් දීමට එම ආණ්ඩුව යොමුවී ඇති බවක් පසුගිය මාස කිහිපයේදී පෙනෙන්නට විය.

පසුගිය නොවැම්බර් මාසයේදී ගුවාංශු ඩේලි වෙබ් අඩවිය, ආසන්නයේ ඇති ජියැන්ග් නගරයේ ප්‍රසිද්ධ මරණ දඬුවමක ඡායාරූප පළකළ අතර එම අවස්ථාවට දහසකට වැඩි පිරිසක් එක්ව සිටි බව එහි කියවිණි.

ආසන්නයේම පැවති දෙසැම්බර් 16 වෙනිදා නඩු විභාගය WeChat නම් ප්‍රකට ජංගම දුරකත මැසෙන්ජර් හුවමාරුව හරහා වැඩිදුරට ප්‍රචාරය කළේය. තීන්දුව පිළිබඳ වීඩියෝ දර්ශන Sina , Weibo යන ප්‍රකට සමාජ මාධ්‍ය ජාල මෙන්ම යූටියුබ් වැනි වූ Miaopai වීඩියෝ අඩවිය හරහාද පතුරුවා හැරිණි.

ද බෙයිජිං නිව්ස් ඔස්සේ පසුගිය සෙනසුරාදා නඩු විභාගයේ දර්ශන පළකකළ තැන සිට මිලියන තුනක පිරිසක් එය නැරඹුහ.

 99266979 bcea6cbb 8aa3 4c12 9cd1 97bf14c7b5b2එහි දැක්වුණේ වරදකරුවන් වටකොටගත් සන්නද්ධ රැකවලුන්, එම දඬුවම පැනවීම වෙන වෙනම ලබා ගැනීම සඳහා උස් වේදිකා මතට ගෙන යන ආකාරය ය. එය නැරඹීම සඳහා දහස් ගණනක පිරිසක් පසුබිමේ සිටින අයුරු ද එහි දැක්විණි.

දඬුවම පැනවීමෙන් පසු, පොලිස් රථයක පසුපස වූ තවත් වේදිකාවක් මතට එම පිරිස නංවනු ලැබූ අතර සන්නද්ධ රැකවලුන් මැද එය පිටව ගියේය. ඔවුන්ගෙන් ඇතැමෙකු ඍජුව කැඳවාගෙන යනු ලැබුවේ වෙඩි භුමිය වෙතය.

මිනීමැරුම්, මංකොල්ලකෑම් හා මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා එහිදී කියවුණ ද, පුවත්පත මතු කළ ආකාරයට "වහාම" මරණ දඬුවමට ලක් කරන ලද්දේ මත්ද්‍රව්‍ය චෝදනාවලට වැරදිකරුවන් වූ පුද්ගලයින් ය.

කෙසේවෙතත්, එම වීඩියෝ දසුන් මානව හිමිකම් ක්‍රියාකාරීන් මෙන්ම අන්තර්ජාල පරිශීලකයින් ගේ ද විවේචනයට ලක් විය. ඇම්නෙස්ටි ජාත්‍යන්තරයේ විලියම් නී (William Nee) ට්විටර් පණිවිඩයකින් කියා තිබුනේ "මිනිස් ජීවිතයට හා ගෞරවාන්විත බවට පැහැදිලිව ම නිගාකරන බව චීන බලධාරීන් විසින් යළිත් වරක් පෙන්වා දී තිබෙනවා" යනුවෙනි.

Sina Weibo හි මෙය දුටු බොහෝ දෙනා පැවසුවේ ගෙවී ගිය ඈත කාලය යළි උදා වී ඇතැයි තමන්ට සිතුනු බවය. ප්‍රසිද්ධියේ ලැජ්ජාවට පත්කිරීමේ ක්‍රමය නිසා "සංස්කෘතික විප්ලවය යළි පැමිණිලා" යැයි සිතීමට එය තමන්ව පෙළඹු බව ඔවුහු පැවසූහ.

අහිංසක පුද්ගලයින්ගෙන් බලහත්කාරය යොදවා පාපොච්චාරණ ගැනීමෙන් අනතුරුව ඔවුන් මරණයට ලක්කිරීමේ අපකීර්තිමත් සිදුවීම් ද වාර්තාවී තිබිණි.

ලොව වෙනත් ඕනෑම රටකට වඩා වැඩි මරණ දඬුවම් ප්‍රමාණයක් චීනය තුළ ක්‍රියාවට නැගේ. එවැනි දඬුවම් කෙතරම් ප්‍රමාණයක් දී ඇත්දැයි යන්න පිළිබඳව නිල සංඛ්‍යාලේඛන නොවුව ද, එය දහස් ගණනක් විය හැකි බවට විශ්වාස කෙරේ.

මෙම ක්‍රමය අප්‍රසන්න වුවත්, නගරයේ කීර්තිය රඳවාගැනීම සඳහා එය අවශ්‍ය බවට ඇතැම් අන්තර්ජාල නරඹන්නෝ තර්ක කරති.

කෙටමින් හා ක්‍රිස්ටල් මෙතම්ෆෙටමින් වැනි කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය සම්බන්ධයෙන් තමන්ට ඇති තත්ත්වය ඉවත් කරගැනීමට ලුෆෙන්ග් නගරය උනන්දුවක් දක්වයි. එම මත්ද්‍රව්‍යවලින් බොහෝ ඒවා නැගෙනහිර ආසියාවෙන් හා ආසියා ශාන්තිකර කලාපයෙන් එම ප්‍රදේශයට හොර රහසේ ගෙනෙනු ලබයි.

 99266981 baec0366 5c23 43e6 942b 32c94d45c223කලාපය තුළ මහ පරිමාණ වශයෙන් කෘත්‍රිම මත්ද්‍රව්‍ය නිෂ්පාදනය හේතුකොටගෙන 2014 වසරේ සිට ලුෆෙන්ග් නගරය හැඳින්වූයේ "අයිස් නගරය" (the city of ice) නමිනි.

චීනයේ නිල ෂින්හුවා (Xinhua) නිල පුවත් ඒජන්සිය නොවැම්බර් මාසයේදී පැවසුවේ එම කලාපය "පුළුල්ව පැතිර ගිය මත්ද්‍රව්‍ය නිෂ්පාදනයෙන් හා ප්‍රවාහනයෙන් පිරී ඉතිරී ගොස්" ඇති බවය.

"චීනයේ මෙතම්ෆෙටමින් පරිභෝජනයෙන් තුනෙන් එකකට වැඩි ප්‍රමාණයක් සැපයෙන්නේ බෝශේ ගම්මානයෙන් හා ඒ ආසන්න ගම්මානවලින්" යැයි එහි දැක්විණි. එසේම එය වැඩිදුරටත් පැවසුවේ එම ප්‍රදේශවල "පවුල් පහකින් එකක් ඍජුවම මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට සමබන්ධ" බවය.

13,000 ට අධික මත්ද්‍රව්‍ය සිදුවීම් ප්‍රමාණයක් පොලිසිය විසින් විසඳනු ලැබූ බව කී පුවත් ඒජන්සිය මේ වසරේ ජනවාරි සහ ඔක්තෝබර් මාස අතරදී අදාළ කලාපයෙන් පමණක් මත්ද්‍රව්‍ය ටොන් 10ක් අත්පත් කරගත් බව සඳහන් කළේය.

බීබීසී මොනිටරිං හි කෙරී ඇලන් සකස් කළ වාර්තාවක් ඇසුරිනි.