GOOD BYE : වාජ්පායි

 GOOD BYE : වාජ්පායි

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන අතල් බිහාරි  වාජ්පායි    ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අතල් බිහාරි වාජ්පායි හිටපු අග්‍රාමාත්‍යවරයා මිය යනවිට  93 වැනි වියෙහි පසුවූ බවත්, වයස සමග ඇති වූ රෝගී තත්ත්වයන් මරණයට හේතුව බවත් එම මාධ්‍ය වාර්තාවල සඳහන්ව ඇත.

හින්දු ජාතිකත්ව භාරතීය ජනතා පක්ෂය හෙවත් බී.ජේ.පී. පක්ෂයේ ආදිකර්තෘවරයෙකු ලෙසද වාජ්පායි සැලකෙන අතර වර්ෂ 1996 සිට 2004 දක්වා කාලය තුළ අවස්ථා තුනකදී ඉන්දීය අග්‍රාමාත්‍ය ධුරයද  හොබවා ඇත.

එමෙන්ම, ගෝලීය න්‍යෂ්ටික බලශක්තිය ඉන්දියාව වෙත හඳුන්වාදුන් පුද්ගලයා ලෙසද ඔහු සැලකෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න