කොෆී අනන් සමුගනී !

කොෆී අනන් සමුගනී !

ශ්‍රේෂ්ඨ මානව හිතවාදියෙක් වන කොෆී අනන් ඊයේ (18)  අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහු මිය යන විට 80 වැනි වියේ පසුව ඇති අතර ඝානා ජාතික කොෆී අනන්ගේ අභාවය හේතුවෙන් එරට රජය සතියක ශෝක කාලයක්ද ප්‍රකාශ කර ඇත. 

1997 වසරේ දිට 2006 දක්වා එක්සත් ජාතින්ගේ මහ ලේකම් ලෙස කටයුතු කළ කොෆී අනන්  2001 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන්ද පිඳුම් ලැබූවකි.

එක්සත් ජාතීන්ගේ සංවිධායට පත්වූ පළමු කලු ජාතික අප්‍රිකානුවා ලෙස සැලකෙන කොෆී අනන් මහ ලේකම් තනතුරින් සමුගැනීමෙන් පසුව සිරියාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙක් ලෙස පත්ව සිරියාවේ ගැටුම් සඳහා ස්ථිර සාර විසඳුක් ලබා ගැනීමට උත්සාහ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න