රජයේ වියදමින් පළමු පන්තියේ ගුවන් ගමන් තහනම් : ඉම්රාන් වැඩ අල්ලයි ! 

රජයේ වියදමින් පළමු පන්තියේ ගුවන් ගමන් තහනම් : ඉම්රාන් වැඩ අල්ලයි ! 

සියලු  රජයේ නිලධාරීන්  ගුවන් ගමන්වල යෙදීමේදී රජයේ  මුදලින්  පළමු පන්තයේ ගමන් තහනම් කිරීමට පකිස්ථාන  නව ආණ්ඩුව තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් යුතු කැබිනට් මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී එම තීරණය ගෙන ඇති අතර එම තීරණය අග්‍රාමාත්‍යවරයාටද අදාළ බවද  සඳහන් වෙයි.

නායකයන්ට සහ නිලධාරීන්ට අභිමතය පරිදි රාජ්‍ය මුදල පරිහරණය කිරීම තහනම් කිරීමට එම කැබිනට් හමුවේදී වැඩිදුරටත් තීරණය වී ඇති බවද වාර්තා වෙයි.

ඉම්රාන් ඛාන් පසුගිය සතියේදී පාකිස්තානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් අතර රාජ්‍ය වියදම් සීමා කරන, අනවශ්‍ය වියදම් කපා හරින ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව එහිදි ප්‍රකාශ කළේය. ඔහු තම කාර්ය මණ්ඩලය අඩු කරන බවට ද ප්‍රකාශ කර ඇති අතර නිල නිවාසවල සිටීම ද ප්‍රතික්ෂේප කර තිබේ.

නිල නිවාස අධ්‍යාපන මධ්‍යස්ථාන බවට පත් කරන බව ද හෙතෙම කීවේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න