Language Switcher

V2025

ප්‍රාන්ත භාණ්ඩාගාරය සුද්ද කළ හිටපු මහ ඇමති හිරේට

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත හිටපු ප්‍රධාන අමාත්‍ය ලාලු ප්‍රසාද් යාදේව්ට වසර තුනකුත් මාස හයක සිර දඬුවමක් ඉන්දීය අධිකරණය විසින් නියම කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

ඊට අදාලව ලාලු ප්‍රසාද් යාදේව් වෙත එල්ලවී ඇති චෝදනාව වී ඇත්තේ ඔහු විසින් ප්‍රාන්ත භාණ්ඩාගාරයෙන් ඉන්දීය රුපියල් ලක්ෂ 87කට අධික මුදලක් වංචා කිරීම ය.

අදාළ චෝදනාවට වැරදිකරුවීම හේතුවෙන් සිරදඬුවමට අමතරව ඉන්දීය රුපියල් ලක්ෂ 05ක දඩයක් ද එරට අධිකරණය විසින් නියම කර ඇති බවද එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

1948 උපත ලබා ඇති ඉන්දියාවේ ප්‍රවීන දේශපාලනඥයෙකු වු ලාලු ප්‍රසාද් යාදේව් 2004 – 2009 සමයේ මනමෝහන් සිං පාලන සමයේ ඉන්දියාවේ දුම්රිය අමාත්‍යධුරයද හොබවා ඇති අතර සිය දේශපාලන දිවිය තුළ බරපතල දුෂණ චෝදනා 7 කට ආසන්න ප්‍රමාණයක් ලබා ඇත.