ස්ලෝවැකියාවේ මුල් පුටුවට කාන්තාවක් !

ස්ලෝවැකියාවේ මුල් පුටුවට කාන්තාවක් !

ස්ලෝවැකියාවේ පැවැති ජනාධිපතිවරණයෙන් එරට ඉතිහාසයේ පළමු වරට ජනාධිපති ධුරයට කාන්තාවක් පත්ව ඇත.

දූෂණ හා වංචාවලට එරෙහිව සටන් වැදුණු සුසානා කපුටෝවා එලෙස ස්ලෝවැකියාවේ ජනාධිපති ධුරයට පත්වූවාය. හතළිස් පස් හැවිරිදි වියේ පසුවන සුසානා කපුටෝවා පරිසර නීතිඥවරියක සහ සමාජ ක්‍රියාකාරිනියක ද වන්නීය.

දේශපාලනයට නවකයකු වන සුසානා කපුටෝවා කරළියට පැමිණියේ මාධ්‍යවේදී යාන් කුසියැක්ගේ ඝාතනයත් සමඟය.

ගවේෂණාත්මක මාධ්‍යවේදියකු වන යාන් කුසියැක් සහ ඔහුගේ පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී ඝාතනයට ලක්වූහ. ඔවුන් දෙදෙනාගේ ඝාතනය හේතුවෙන් ස්ලෝවැකියාව තුළ දැවැන්ත උද්ඝෝෂණ රැල්ලක් ඇති වූ අතර එම නිසා එවකට සිටි අග්‍රාමාත්‍යරයාට ධුරයෙන් ඉවත් වීමට ද සිදුවිය.

ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලවලින් සියයට 58.4ක් හිමි කරගැනීමට සුසානා කපුටෝවා සමත් වූවාය. සුසානා කපුටෝවාගේ ප්‍රතිවාදියා වූයේ පාලක පක්ෂයේ මාර්කෝස් සෙෆ්කොවික් ය. ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් ඔහුට හිමි කරගැනීමට හැකිවූයේ සියයට 41.6 ක ඡන්ද ප්‍රතිශතයක් පමණි. ඔහු යුරෝපා සංගමයේ බලශක්ති කොමසාරිස්වරයා ලෙස ද කටයුතු කරයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න