අයිෆල් කුළුණට 130යි

අයිෆල් කුළුණට 130යි

ලොව ප‍්‍රකට ප්‍රංශයේ අයිෆල් කුළුණ මහජනතාවට විවෘත කර වසර 130ක් සම්පූර්ණ වී ඇත. ඒ ඊයේ දිනටය.

ඒ වෙනුවෙන් එහි අලංකාර විදුලි ආලෝක සංදර්ශනයක් පවත්වා තිබේ.

ප්‍රංශයේ ඉතා වැදගත් මෙන්ම ඓතිහාසික ස්මාරකයක් වන අයිෆල් කුළුණේ ඉදිකිරීම් 1887 වර්ෂයේදී ආරම්භ කළ අතර ඉන් වසර දෙකකට පසුව එනම් 1889 වර්ෂයේ මැයි 15වන දා එය පොදු ජනතාව වෙනුවෙන් විවෘත කරනු ලැබීය.

යකඩ ගැහැණිය යන අන්වර්ත නාමයෙන් හඳුන්වන මෙහි නිර්මාණකරුවා වන්නේ පැරිසියේ සිටි ඉංජිනේරුවරයෙක් වන ගුස්ටාෆ් අයිෆල්.

අයිෆල් කුළුණ සම්පූර්ණයෙන් ඉදිකොට අවසන් කිරීම සඳහා වසර දෙකකුත් මාස දෙකක් සහ දින පහක් ගතවී ඇති අතර ඒ සඳහා සේවකයන් 300ත් 450ත් අතර පිරිසක් දායක වී ඇත.

මුළු උස අඩි එක්දහස් හැට තුනකින් සමන් විත මෙය නැරඹීමට 1889 වර්ෂයේ සිට මේ දක්වා මිලියන 300ක පමණ පිරිසක් පැමිණ ඇති බව වාර්තා වන අතර සෑම වර්ෂයකම මිලියන හතක පමණ පිරිසක් එහි පැමිණෙන බව විදෙස් වාර්තා කරයි

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න