ඇමෙරිකාව සහ රුසියාව සබඳතා යළි එක්විය යුතුයි - පුටින්

ඇමෙරිකාව සහ රුසියාව සබඳතා යළි එක්විය යුතුයි - පුටින්

ඇමෙරිකා-රුසියා සබඳතා සම්පූර්ණයෙන්ම යළිත් ගොඩනැගීමට තමාට අවශ්‍ය බව රුසියානු ජනාධිපති ව්ලැද්මියර් පුටීන් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද එය අපේක්ෂා කරන බවට තමා විශ්වාස කරන බව රුසියානු ජනාධිපතිවරයා මෙහිදී ප‍්‍රකාශ කර ඇත.

රුසියාවේ නිල සංචාරයක නිරත අැමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ හමුවූ අවස්ථාවේ රුසියානු ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

රුසියාවේ නිල සංචාරයක නිරත අැමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා එරට විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු රුසියානු රජයේ උසස් නිලධාරීන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡා පවත්වා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න