Language Switcher

V2025

ජොකෝ විඩෝඩෝ යළිත් ඉන්දුනීසියානු ජනාධිපති පුටුවට

ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ලෙස ජොකෝ විඩෝඩෝ යළි තේරී පත් වී ඇත.

පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයේ ප්‍රතිඵලවලට අනුව ප්‍රතිවාදී අපේක්ෂක ජනරාල් ප්‍රභාවෝ සුබියන්ටෝ පරාජයට පත් කරමින් හිටපු ජනාධිපතිවරයා නැවත බලයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

67 හැවිරිදි ප්‍රභාවෝ එම ප්‍රතිඵලයට අභියෝග කරන්නේ ද යන්න පිළිබද මෙතෙක් තහවුරු කර නැත. එහිදී ජොකෝ විඩෝඩෝ සියයට 55.5ක ඡන්ද ප්‍රතිශතයක් ද ප්‍රභාවෝ සියයට 44.5ක ඡන්ද ප්‍රතිශතයක් ද ලැබී තිබිණ.

මිලියන 192ක පිරිසක් ඡන්දය සදහා සුදුසුකම් ලබා තිබූ අතර ප්‍රාදේශීය සහ ජාතික මට්ටමේ මහජන නියෝජිතයින් 20,000ක් ද එහිදී තෝරා ගැණුනි.