පනස් හැවිරිදි කැමී රිටා 24 වෙනි වරටත් එවරස්ට් තරණය කරයි

පනස් හැවිරිදි කැමී රිටා 24 වෙනි වරටත් එවරස්ට් තරණය කරයි

එවරස්ට් කන්ද වැඩිම වාර ගණනක් තරණය කළ පුද්ගලයාට හිමි ලෝක වාර්තාව තවදුරටත් තහවුරු කිරීමට නේපාලයේ කඳු නගින්නෙකු වන කැමී රිටා ෂෙර්පා සමත්ව ඇත.

ඒ අවස්ථා 24 කදී එවරස්ට් කන්ද සාර්ථකව තරණය කරමිනි.

පනස් වන වියේ පසුවන ඔහු ගතවූ දින 7 ක කාලය තුළ දෙවරක් එවරස්ට් තරණය කිරීමද විශේෂත්වයක්හු වන ඔහු පළමු වරට එවරස්ට් කන්ද තරණය කර ඇත්තේ 1994 වසරේදීය.

ලෝකයේ උසම කන්ද වන එවරස්ට් කන්ද අඩි 29,029 ක උසකින් යුක්ත වන අතර එම දුර 24ක් වතාවක් තරණය කිරීම විශේෂ හැකියාවක් ලෙස පෙන්වා දිය හැකිය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න