රාජ්‍ය ආයතන වල ඔබේ දරුවන්ගේ ජායාරූප එල්ලා ගන්න - යුක්රේන් නව ජනපති

රාජ්‍ය ආයතන වල ඔබේ දරුවන්ගේ ජායාරූප එල්ලා ගන්න - යුක්රේන් නව ජනපති

කිසිඳු රාජ්‍ය ආයතනයක තම ජායාරූපය ප්‍රදර්ශනය නොකරන ලෙසත් ඒ වෙනුවට රාජ්‍ය ආයතන තුළ තම දරුවන්ගේ ජායාරූප එල්ලාගෙන සිටීමේ වැදගත් කම  යුක්‍රේනයේ නව ජනාධිපතිවරයා ලෙස වොලොදිමීර් සෙලෙන්ස්කි අවධාරණය කර තිබේ.

ජනාධිපති යනු විශේෂයක්  නොවන බව මෙන්ම ඒ වෙනුවට තීන්දු තීරණ ගැනීමේදී දරුවාගේ ජායාරූපය දෙස බලා තීන්දු තීරණ ගැනීමේ වැදගත්කමත් ඔහු අවධාරණය කර ඇත.

යුක්රේන නව ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ සිය ට්වීටර් ගිණුමේ සටහනක් තබමින්ය.

IMG 20190526 WA0002

යුක්‍රේනයේ නව ජනාධිපතිවරයා ලෙස වොලොදිමීර් සෙලෙන්ස්කි පසුගිය මැයි 20 වනදා සිය ධූරයේ දිවුරුම් දුන් අතර  ඔහු  වඩාත් ප්‍රකටව සිටින්නේ ප්‍රහසන නළුවෙකු ලෙසයි.

ඔහු එක්තරා ප්‍රහසනාත්මක රූපවාහිනී වැඩසටහනකදී යුක්‍රේන ජනාධිපතිවරයා ලෙස චරිත නිරූපණයක්ද සිදුකර තිබුණි.

පසුගිය මාසයේ පැවති ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ සෙලෙන්ස්කි ඉන් ජය ගත්තේ සියයට හැත්තෑ තුන ඉක්මවූ ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගනිමින්ය.

ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දෙමින් වොලොදිමීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබුණේ රුසියානු සහාය ලබන කැරලිකරුවන් රටේ නැගෙනහිර ප්‍රදේශයේ සිදුකරන ගැටුම් අවසන් කිරීම සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරන බවයි.

එමෙන්ම පොදු ජනතාවට සේවය කළහැකි අය පමණක් බලයට පත්විය යුතු බවද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න