Language Switcher

V2025

නව ජපන් අධිරාජ්‍යයා සහ ට්‍රම්ප් හමුවෙයි

ජපානයේ නව අධිරාජ්‍යයා වන නරුහිතෝ කුමරු සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවක් පසුගියදා සිදුව ඇත.

ඒ අනුව විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ජපාන අධිරාජ්‍යයා හමුවූ පළමු විදෙස් නායකයා වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් බවය.

සිව්දින නිල සංචාරයක නිරත ඩොනල්ඩ් ට්‍රම්ප් ටෝකියෝ නුවර පිහිටි රාජකීය මන්දිරයේදී ජපාන අධිරාජ්‍යයා හමුවී ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ජපාන අග්‍රාමාත්‍ය ෂින් සෝ අබේ ගොල්ෆ් තරඟයකට දසහභාගී වී ඇති අතර සුමෝ තරඟාවලියක් නැරඹීමට ද එක් වී ඇති බව එම වාර්තා තවදුරටත් සදහන් කරයි.