පීටර් මුතාරිකා දෙවැනි වරටත් ජනපති ධුරයට

පීටර් මුතාරිකා දෙවැනි වරටත් ජනපති ධුරයට

මලාවි ජනාධිපති පීටර් මුතාරිකා දෙවැනි වරටත් ජනාධිපති ධුරයේ දිවුරුම් දෙනු ලැබීය. ඒ පසුගියදා පැවති මැතිවරණයෙන් ජය ගැනීමත් සමගය.

කෙසේ වුවද විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කර තිබුණේ විපක්ෂය මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කරන බවය.

 එවන් තත්වයක් තුළ දෙවැනි වරටත් මලාවි ජනාධිපති ධුරය සඳහා තේරීපත් වූ පීටර් මුතාරිකා සිය ධුරයේ දිවුරුම් දීමට කටයුතු කර ඇත.

 ඒ වෙනුවෙන් මලාවිහි බ්ලන්ටයර් අගනුවර දැවැන්ත උත්සවයක් සංවිධානය කර තිබුණු අතර ඊට ආරාධිතයන් රැසක්ද එක්ව සිටි බව මාධය වාර්තා සදහන් කරයි.

 මලාවි මැතිවරණයේ ප්‍රතිඵල පසුගිය සති අන්තයේදී නිකුත්වීමට නියමිතව පැවැතියත්ද අධිකරණ තීන්දුවක් අනුව එය කල්දැමීමට මැතිවරණ කොමිසමට සිදුවිය.

 මැතිවරණ දූෂණ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි 147ක් ඉදිරිපත්ව තිබීම ඊට හේතුවයි.

 කෙසේ නමුත් පසුගිය සඳුදා එම තහනම් නියෝගය ඉවත්කිරීමට අධිකරණය තීන්දු කිරීමත් සමඟ ජනාධිපති මුතාරිකාගේ ජය තහවුරු වූ අතර ඔහු දිවුරුම් දුන්නේ ඉන් අනතුරුවය.

 පැවැති ජනාධිපතිවරණයෙන් විපක්ෂයේ නායක ලසාරස් චක්වේරා ජය ලබනු ඇතැයි පූර්ව මැතිවරණ සමීක්ෂණවලින් අනාවරණය වූවත් වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගනිමින් බලය තහවුරු කරගැනීමට හිටපු ජනාධිපති මුතාරිකා සමත්වීම විශේෂත්වයකි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න