ඊශ‍්‍රායලයේත් හදිසි මැතිවරණයක් ?

ඊශ‍්‍රායලයේත් හදිසි මැතිවරණයක් ?

ඊශ්‍රායලයේ හදිසි මැතිවරණයක් පැවැත්වීමට නීති සම්පාදකයන් එකඟවී තිබේ.

ඒ අගමැති බෙන්ජමින් නෙදන්යාහු සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට අපොහොසත් වීම හේතුවෙනි.

පසුගිය අප්‍රේල් මාසයේ පැවති ඊශ්‍රායල් මහමැතිවරණයේදී අගමැති බෙන්ජමින් නෙදන්යාහුගේ ලිකුද් පක්ෂය ප්‍රමුඛ සන්ධානයට හිමිවුණේ ආසන එකසිය විස්සෙන් හැටක බලයකි.

ආණ්ඩුව පිහිටුවීම සඳහා අවශ්‍ය බහුතර බලය නෙදන්යාහුට එහිදී අහිමිවීම හේතුවෙන් සභාග ආණ්ඩුවක් පිහිටුවීමට ඔහුට සිදුවිය.

මෙම පසුබිම තුළදී මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින නෙදන්යාහුට එරෙහිව විරෝධතාවක් ආරම්භ විය.

එබැවින් බහුතර බලය ලබාගනිමින් නව සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට අගමැති නෙදන්යාහු අසමත් වීම හේතුවෙන් ලබන සැප්තැම්බර් මාසයේදී යළිත් හදිසි මැතිවරණයක් පැවැත්වීමට පියවර ගෙන තිබේ.

ඒ සදහා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ගෙන ආ යෝජනාවට එරට නීති සම්පාදකයන්ගේ අනුමැතිය හිමිවූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේය.

 ඒ අනුව සැප්තැම්බර් 17 වන දා මහමැතිවරණය පැවැත්වීමට නියමිතය.

 ඊශ්‍රායල් ඉතිහාසය තුළ අග්‍රාමාත්‍යවරයෙක් ආණ්ඩුවක් පිහිටුවීමට අපොහොසත් වූ පළමු අවස්ථාවද මෙය වේ.

 කෙසේ නමුත් සැප්තැම්බර් මස පැවැත්වෙන මහමැතිවරණයෙන්ද ජයග්‍රහණය කරන බවට නෙදන්යාහු ප්‍රතිඥා දී ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න