මෝදි කැබිනට් මණ්ඩලය පත්කරයි !

මෝදි කැබිනට් මණ්ඩලය පත්කරයි !

පැවති මහ මැතිවරණයෙන් විශිෂ්ඨ ජයග්‍රහණයක් අත්කරගත් නරේන්ද්‍ර මෝදි අග්‍රාමාත්‍යවරයා ඊයේ (31) සිය නව අමාත්‍ය මණ්ඩලය පත්කර තිබේ.

එහි ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ රාජ්නාත් සිං ය. නිර්මලා සීතා රාමන් මුදල් අමාත්‍යවරයා ලෙස පත්කර ඇත. ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පත්කර ඇත්තේ භාරතීය ජනතා පක්ෂයේ සභාපති අමිත් ෂා ය.

හිටපු රාජතාන්ත්‍රික නිලධාරියෙකු වන සුබ්‍රමනියම් ජය ශන්කර් විදේශ කටයුතු අමාත්‍ය ධූරයට පත්කර තිබෙන අතර අභයාවකාශ හා න්‍යෂ්ඨික බලශක්ති අමාත්‍ය ධූරය අග්‍රාමාත්‍ය මෝදි විසින්ම හොබවනු ලබන බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉන්දීය නව රජයේ කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 24 දෙනෙකුගෙන් සමන්විතය.

ඔවුන් සියලු දෙනා දිවුරුම් දුන්නේ, ඉන්දීය ජනාධිපති රාම් නාත් කෝවින්ද් ඉදිරියේය.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න