ඇමෙරිකානු ජනාධිපති බ්‍රිතාන්‍යයට

ඇමෙරිකානු ජනාධිපති බ්‍රිතාන්‍යයට

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නිල සංචාරයක් සඳහා අද දින 03 බ්‍රිතාන්‍යයට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු දින තුනක කාලයක් එරට රැඳී සිටිනු ඇති අතර අැමෙරිකානු ජනාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ මෙලනියා වෙනුවෙන් අද පස්වරුවේදී දෙවන එළිසබෙත් මහරැජිනගේ ප්‍රධානත්වයෙන් බකිංහැම් මාලිගයේදී පිළිගැනීමේ උත්සවයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

ඒ සඳහා කේම්බ්‍රිජ් ආදිපාද යුවළද සහභාගි වන නමුත් පසුගියදා සිය පළමු දරු ප්‍රසූතිය සිදුකළ මේගන් මාකල් ආදිපාදවරිය එම අවස්ථාවට සහභාගි නොවන බවද එහි සදහන්ය.

අනතුරුව වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ සංචාරයකට එක්වන ට්‍රම්ප් සහ මෙලනියා, ක්ලැරන්ස් හවුස් හිදී චාල්ස් කුමරු සහ කොන්වෝල් හි ආදිපාදවරිය සමඟ තේ පැන් සංග්‍රහයකට සහභාගි වීමටද නියමිතය.

හෙට උදෑසනට නියමිත ට්‍රම්ප් සහ බ්‍රිතාන්‍ය අගමැතිනී තෙරේසා හමුවෙන් පසු ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැවැත්වීමටත් කටයුතු සූදානම් කර තිබේ.

බ්‍රෙක්සිට් ක්‍රියාවලිය අසාර්ථක වීම හේතුවෙන් අගමැතිනී තෙරේසා මේ එලඹෙන හත් වන දා ධුරයෙන් ඉවත්ව යාමට නියමිත අතර නව අගමැතිවරයෙකු පත්කර ගැනීම සඳහා වන සටනද මේ වන විට ආරම්භ වී තිබේ.

එවන් පසුබිමක බ්‍රිතාන්‍ය සංචාරයකට එක්වන ට්‍රම්ප් ජනාධිපතිවරයා, අගමැති සටනේදී සිය සහාය බෝරිස් ජොන්සන්ට ලබාදෙන බවද පුවත්පතකට ප්‍රකාශ කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න