ඉන්දියාවේ ප්‍රදේශ රැසකට උෂ්ණාධික කාලගුණ තත්ත්වයක් බලපා ඇති බව වාර්තා වේ.
සෙල්සියක් අංශ 45ට වැඩි උෂ්ණත්වයක් ඉන්දියාවේ පළාත් රැසක මේ වන විට වාර්තා වන බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.
රාජස්ථාන්හි උතුරු ප්‍රදේශයේ පසුගිය ඉරිදා දිනයේදී සෙල්සියස් අංශ 50 ඉක්මවූ උෂ්ණත්වයක් පැවැති බවද එම මාධ්‍ය වාර්තා වැඩි දරටත් සදහන කර සිටියි.
ඉදිරි දින කිහිපය තුළ ද මෙම උෂ්ණාධික තත්ත්වය පවතිනු ඇති බව ඉන්දීය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීම් සිදු කර ඇත. පසුගිය වසරේදීද ඉන්දියාවේ අධික උණුසුම් තත්වයක් වාර්තා වූ අතර මේ හේතුව නිසා කිහිප දෙනෙක් මිය ගිය බවද වාර්තා විය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
