චෙක් අගමැතිට එරෙහිව විරෝධතා

චෙක් අගමැතිට එරෙහිව විරෝධතා

අගමැතිවරයාට එරෙහිව චෙක් ජනරජයේ වැසියන් දහස් සංඛ්‍යාත පිරිසක් වීථි බැස විරෝධය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුරෝපා සංගමයෙන් ලද සහනාධාර කූඨ ලෙස භාවිත කළ බවට අගමැතිවරයාට චෝදනා කරන එරට ජනතාව බිලියනපතියෙකු වන අන්ද්‍රේ බබිස්ට චෙක් ජනරජයේ අගමැති ධුරයෙන් ඉවත් වන ලෙස බල කරමින් ප්‍රාග් අගනුවරදී මෙම විරෝධතාව පවත්වා ඇත.

ඊට එක් ලක්ෂ විසිදහසක පමණ පිරිසක් ඊට එක්වී සිට ඇති අතර 1989 වර්ෂයේ පැවති වෙල්වට් විප්ලවයෙන් පසුව එරට පැවති විශාලතම ජනරැළි අතරින් එකක් ලෙසද එය හැදින්විය හැකි බවයි විදෙස් මාධ්‍ය සදහන් කරයි.

අගමැතිවරයාගේ පාලනය පිළිබඳව තමන් සෑහීමකට පත් නොවන බව පවසන විරෝධතාකරුවන් බබිස්ට එරෙහි චෝදනා විභාගය සඳහා අළුතින් පත්කරන ලද අධිකරණ ඇමතිවරයා මැදිහත්වනු ඇතැයිද ඔවුන් සැක පල කරති. අගමැති බබිස්ට එරෙහිව ඉකුත් අප්‍රේල් මස අගභාගයේ සිටම මෙම විරෝධතා පැවැත්විණ.

 එහෙත් මෙවර පැවැත්වෙන විරෝධතා රැළියට අපේක්ෂිත මට්ටම මෙන් දෙගුණයකටත් වඩා ජනතාව සහභාගි වී සිටින බව සංවිධායකයන් ප්‍රකාශ කළහ.

 කෙසේ නමුත් යුරෝපා සංගමයේ සහනාධාර වංචා කළ බවට එල්ල වන චෝදනා අන්ද්‍රේ බබිස් ප්‍රතික්ෂේප කර ඇත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න