G 20 සමුළුව ජපානයේ ෆුකුඕකා නගරයේදී

G 20 සමුළුව ජපානයේ ෆුකුඕකා නගරයේදී

G 20 සමුළුව ජපානයේ දකුණුදිග ෆුකුඕකා නගරයේදී එළඹෙන 28 සහ 29 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතව ඇත.

ඊට සමගාමීව එම රටවල මුදල් අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් හමුවක් පවත්වා ඇත.

ගෝලීය ආර්ථික අභියෝග සහ ගැටළු හඳුනාගෙන සාකච්ඡා පවත්වා ඒවා විසඳා ගැනීමේ අරමුණින්, ලොව ප්‍රබල ආර්ථිකයන්ට හිමිකම් කියන රටවල රාජ්‍ය නායකයන්ගේ හමුව හෙවත් ජී 20 සමුළුව මෙවර පැවැත්වෙන්නේ ජපානයේ ෆුකුඕකා නගරයේදීය.

ලෝකයේ විශාලතම ආර්ථිකයන් හිමි රටවල් දෙකක් ලෙස සැළකෙන අමෙරිකාව සහ චීනය අතර වෙළඳ අර්බුදය උත්සන්න වී අතරවාරයේ ගෝලීය ආර්ථිකය පිළිබඳව මෙම මුදල් අමාත්‍යවරුන්ගේ හමුවේදී පුළුල් ලෙස සාකච්ඡාවට ලක්ව ඇත.

 මෙහිදී අදහස් දක්වමින් ජපාන මුදල් අමාත්‍ය තරෝ අසෝ ප්‍රකාශ කළේ ඇමෙරිකාව හා චීනය අතර උද්ගතව ඇති වෙෙළඳ යුද්ධය ගෝලීය ආර්ථිකයටද අහිතකර ලෙස බලපාන බවයි.

ආර්ජන්ටිනාව, ඔස්ට්‍රේලියාව, බ්‍රසීලය, කැනඩාව, චීනය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව, ඉන්දුනිසියාව, ඉතාලිය, ජපානය, මෙක්සිකෝව, රුසියාව, සෞදි අරාබිය, දකුණු අප්‍රිකාව, දකුණු කොරියාව, තුර්කිය, එක්සත් රාජධානිය, ඇමෙරිකාව, ස්පාඤ්ඥය සහ යුරෝපා සංගමේ එකමුතුවෙන් ජී 20 නිර්මාණය වී ඇත.

ඊට අමතරව ආරාධිත රටවල් ලෙස රටවල් රැසක රාජ්‍ය නායකයෝ ද සමුළුවට එක්වන බව විදෙස් වාර්තා සඳහන් කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න