ජෙට් යානා ගන්න ඇමරිකාවෙන් තුර්කියට බලපෑම්

ජෙට් යානා ගන්න ඇමරිකාවෙන් තුර්කියට බලපෑම්

ඇමෙරිකානු ප්‍රහාර ජෙට් යානා සහ S - 400 වර්ගයේ රුසියානු මිසයිල නාශක පද්ධතිය යන දෙකෙන් එකක් තෝරාගන්නා ලෙස ඇමෙරිකාව තුර්කියට දැනුම්දී ඇත.

මෙම විකල්ප දෙකෙන් එකක් තෝරාගැනීම සඳහා ඇමෙරිකාව තුර්කියට ලබාදී ඇති අවසන් කාලසීමාව ලබන ජූලි 31 වනදායින් අවසන් බවද සදහන්ය.

තුර්කි ආරක්ෂක ලේකම්වරයා වෙත අමෙරිකානු ආරක්ෂක ලේකම් පැට්‍රික් ෂැනහන් මෙය ලිඛිතව දැනුම් දී ඇති අතර මෙම ආරක්ෂක ගනුදෙනුව සම්බන්ධයෙන් අැමෙරිකාව සහ තුර්කිය මාස ගණනාවක සිට දැඩි අර්බුදයකට මැදිව සිටි බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකාව පවසන්නේ තුර්කියට ඇමෙරිකානු ප්‍රහාරක ජෙට් යානා සහ රුසියානු S- 400 මිසයිල නාශක පද්ධතිය යන දෙකම මිලදී ගත නොහැකි බවයි.

දැනටමත් අමෙරිකානු F -35 එස් වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා සියයක් මිලදී ගැනීම සඳහා තුර්කිය ඇමෙරිකාව සමග ගිවිසුමකට එළැඹ ඇති අතර ඇමෙරිකාව අනතුරු අඟවා ඇත්තේ රුසියානු මිසයිල නාශක පද්ධතිය මිලදී ගතහොත් මෙම ප්‍රහාරක ජෙට් යානා සැපයීම ද නතර කරන බවයි.

එමෙන්ම එම ප්‍රහාරක යානා සඳහා තුර්කි ගුවන් නියමුවන්ට ලබාදෙන පුහුණුව නතර කරන බවට ද අමෙරිකාව අනතුරු අඟවා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න