රුසියාවේ ඉන්ධන නෞකාවක ගින්නක්

රුසියාවේ ඉන්ධන නෞකාවක ගින්නක්

රුසියාවේ වරායක නැංගුරම්ලා තිබූ නෞකාවක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් තිදෙනෙක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.

මෙසේ ගිනිගෙන ඇත්තේ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් බවයි එම මාධ්‍ය වැඩි දුරටත් සදහන් කර ඇත්තේ.

මෙම පිපිරීම සිදුව ඇත්තේ අදාළ නෞකාව රුසියාවේ මකාච්කලා වෙරළ නගරයේ පිහිටි කැසපියන් වරායේ නැංගූරම්ලා තිබියදීය.

අදාළ යාත්‍රාව මඟින් ප්‍රවාහනය කළ ඉන්ධන ගොඩබාමින් තිබියදී ගින්න හටගෙන ඇති බවට රුසියානු වාර්තා වැඩිදුරටත් සදහන් කරයි.

මෙසේ ගිනිගෙන ඇත්තේ දැවැන්ත නැව් සමාගමක් වන වොල්ගා නාවික සමාගමට අයත් VF ටෑන්කර් 16නම් යාත්‍රාවයි.

මේ අතර සිදුවීම සලකා වරාය මෙහෙයුම් පර්යන්තයේ ඉන්ධන ගොඩබැස්වීමේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් කටයුතු කර ඇත.

අනතුරට හේතු සොයා පරීක්ෂණද මේ වන විට ක්‍රියාත්මකය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න