නූතනවාදී වහල් සේවය අවසන් කළ යුතුයි - තෙරේසා මේ

නූතනවාදී වහල් සේවය අවසන් කළ යුතුයි - තෙරේසා මේ

නවතම මුහුණුවරකින් ක්‍රියාත්මක වන නූතනවාදී වහල් සේවය අවසන් කිරීමට කැපවීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ පවසයි.

ඇය මේ බව සඳහන් කළේ ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සංවිධාන සමුළුව අමතමිනි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අගමැතිනිය පැවසුවේ ලොව පුරා මිලියන 40කට අධික සේවකයන් පිරිසක් වහලුන් මෙන් සේවයේ නිරතවන බවයි.

2030 වසර වන විට නූතනවාදී ස්වරූපයේ වහල් සේවය අවසන් කිරීමට නම් වාචිකව මෙන්ම ප්‍රායෝගිකවද කටයුතු කළ යුතු බව ඇය සදහන් කරයි.

අප්‍රිකාවේ ගොවිබිම්වල වහලුන් මෙන් සේවයේ නිරත දරුවන් වෙනුවෙන් යුරෝ මිලියන 10ක් වැය කරමින් සිදුකිරීමට නියමිත ව්‍යාපෘතියක් පිළිබදවත් මෙහිදී අගමැතිනී තෙරේසා මේ අනාවරණය කළාය.

ඊට බ්‍රිතාන්‍යයේද කැපීපෙනෙන මැදිහත්වීමක් සිදුවිය යුතු බව ඇගේ අදහසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න