ජපාන අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතා අද ඉරානයේ සංචාරයක නිරත වීමට නියමිතව ඇත.
දෙරටේ ජාත්‍යන්තර සම්බාධක හා දේශපාලන තත්ත්වය පිළිබඳව මෙහිදී අවධානය යොමු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙල පිළිබඳව ද මෙහිදී වැඩි අවධානයක් යොමු වනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය සදහන් කරයි.
දශක හතරකට පසු ජපාන අග්‍රාමාත්‍යවරයෙකු ඉරානයේ සංචාරයක නිරත වන ප්‍රථම අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.
ෂින්සෝ අබේ මහතා සංචාරය අතරතුර ඉරාන ජනාධිපති හසාන් රුහානි සහ අග්‍රාමාත්‍ය අයාතලාහ් අල් කුමේනි සමඟ ද සාකච්ඡා කිරීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
