මෙක්සිකෝවේ මුදල් අමාත්‍ය කාලෝස් උර්සුවා සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තා වේ.
ඉල්ලා අස්වීමට අදාලව ඔහු විසින් ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර ඇති අතර යොමුකර ඇති ඉල්ලා අස්වීමේ ලිපියෙන් වත්මන් මෙක්සිකෝ පාලනය සහ ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනය කර ඇති බව සදහන්ය.
මේ වන විට මෙක්සිකානු ආර්ථිකයේ විෂමතා රැසක් පවතින බව පෙන්වාදී ඇති මුදල් අමාත්‍යවරයා රටේ ආර්ථික ප්‍රතිපත්ති අන්තවාදයෙන් තොරව ක‍්‍රියාත්මක විය යුතු බවද පෙන්වා දී ඇත.
ලතින් අමෙරිකාවේ දෙවන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන මෙක්සිකෝවේ මුදල් අමාත්‍යවරයා ලෙස 64 හැවිරිදි කාලෝස් උර්සුවා 2018 වසරේ දෙසැම්බර් මාසයේ සිට කටයුතු කරනු ලැබූ අතර පසුගිය කාලය පුරා මෙක්සිකෝ ආර්ථිකයේ යම් පසුබෑමක් දක්නට ලැබිණ.

