එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙකු ළමා අපයෝජනයක් හේතුවෙන් වසර 16 ක් හිරේට

එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙකු ළමා අපයෝජනයක් හේතුවෙන් වසර 16 ක් හිරේට

ළමා අපයෝජන චෝදනා එල්ල වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු නියෝජිතයෙකු හට නේපාලයේදී වසර 16 ක සිර දඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ.

කැනඩා ජාතික පීටර් ජෝන් නමැති 62 හැවිරිදි මෙම එක්සත් ජාතීන්ගේ හිටපු නියෝජිතයාට නේපාලයේ 14 හැවිරිදි සහ 12 හැවිරිදි ළමුන් දෙදෙනෙකු අපයෝජනයට ලක් කළ බවට චෝදනා එල්ල වී තිබූ අතර පසුව පැවති නඩු විභාගයෙන් අනතුරුව ඔහුට මෙම දඩුවම පමුණුව ඇත.

ඒ අනුව ඔහුට වසර 16 ක සිර දඩුවමක් නියම කර ඇති එරට අධිකරණය ළමුන් දෙදෙනාට නේපාල රුපියල් ලක්ෂ 5 බැඟින් වූ වන්දියක් ද ගෙවීමට නියම කර තිබේ.

 

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආයතන රැසක කටයුතු කර ඇති පීටර් ජෝන් ළමා අපයෝජන චෝදනාවට අදාලව 2018 වසරේ අප්‍රේල් මාසයේ කත්මණ්ඩු නුවරදී අත්අඩංගුවට ගනු ලැබීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න