ට‍්‍රම්ප් සමග භේද වූ තානාපති ඉල්ලා අස්වෙයි

ට‍්‍රම්ප් සමග භේද වූ තානාපති ඉල්ලා අස්වෙයි

ඊමේල් පණිවිඩ මගින් ඇමරිකානු ජනාධිපතිවරයා දැඩි ලෙස විවේචනයට ලක් කළ එරට බි‍්‍රතාන්‍ය තානාපති ශ‍්‍රිමත් කිම් ඩිරාක් සිය තානාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට කටයුතු කර ඇත.

තානාපති කාර්යාලය මගින් යවනු ලැබූ ඊමේල් පණිවිඩ පිටතට නිරාවරණය වීමත් සමග තමන්ගේ තානාපති ධූරය පිළිබද බලාපොරොත්තුවක් නොතිබූ බව පවසන කිම් ඩිරාක් තව දුරටත් ධූරයේ රැුදී සිටීමට අපේකෂා නොකරන බවද සදහන් කර සයිටි.

තානාපතිවරයා කිසිදු ලෙසකින්වත් ඉවත් නොකර ගන්නා ලෙස බ‍්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ ප‍්‍රකාශ කර සිටියද ඇමරිකානු ජනාධිපතිවරයා පවසා සිටියේ එම තානාපති සමග තමන් කටයුතු නොකරන බවයි.

එහෙත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම සිදුවීමෙන් පසුව දැනුම් දී තිබුණේ ධවල මන්දිරයෙන් දැනුම් දෙන තුරු තමන් බ‍්‍රිතාන්‍ය තානාපතිවරයා සමග කටයුතු කරන බවයි.

කෙසේ වුවද මේ වන විට එම තානාපතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත්තේ මේ ගැටලු කිහිපයටම විසදුම් ලෙසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න