ඉරාන තෙල් නැවක් අල්ලා ගැනීම හේතුවෙන් බ්‍රිතාන්‍යයට ප්‍රතිවිපාක විඳීමට සිදුවනු ඇති බව ඉරාන ජනාධිපති හසන් රවුහානි පවසයි.
ඉරාන කැබිනට් රැස්වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව සඳහන් කර ඇති ඉරාන ජනාධිපතිවරයා එම තෙල් නැව වහාම නිදහස් කරන ලෙසද බ‍්‍රිතාන්‍යයට පවසා සිටින ලදී.
ග්‍රේස් වන් නමැති ඉරාන තෙල් නැව බ්‍රිතාන්‍යෙයේ රාජකීය නාවුක හමුදාව විසින් ඉකුත් සතියේදී සිය භාරයට ගනු ලැබීය.
ඒ සම්බාධක නොතකා අදාළ නෞකාව සිරියාවට තෙල් රැගෙන යමින් සිටින බවට චෝදනා කරමිනි.
බ්‍රිතාන්‍ය යනු අනාරක්ෂිත බවේ ආරම්භකයා බවද මෙහිදී රවුහානි සදහන් කරන ලදී.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
