ඇමරිකාවට ගිය තායිවාන් ජනාධිපතිනියට චීනයෙන් දොස්

ඇමරිකාවට ගිය තායිවාන් ජනාධිපතිනියට චීනයෙන් දොස්

තායිවාන ජනාධිපතිනි සායි ඉංග්‍ වෙන් ගේ ඇමෙරිකානු සංචාරය චීනයේ දැඩි දෝෂාරෝපණයට බදුන් වී ඇතැයි වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා වාර්ත කර ඇත්තේ ඇයගේ එම සංචාරය චීනය කෝප ගැන්වීමට හේතු වී ඇති බවයි.

1949 දී තායිවානය ස්වාධීන රටක් බවට ප‍්‍රකා’ශයට පත් කරනු ලැබුවේ චීන සිවිල් යුද්ධය අවසානයේ චීනයෙන් වෙනු කරමින් වුවත් බොහෝ රටවල් තවමත් තායිවානය ස්වාධීන රටක් ලෙස පිළිගැනීමට උක්සුක නොවෙති.

විශේෂයෙන් චීනයේ අත පෙවීම් හා තර්ජන හමුවේ ස්වාධීන රටක් ලෙස නැගී සිටීමට නොහැකිව සිටින තායිවානයට වෙනත් රටවල් සමග සෘජු විදේශ සබදතා ඇති කර ගැනීමටද චීනය අවස්ථාව ලබා නොදීමටද කටයුතු කර ඇත.

මෙවර ඇමෙරිකානු සංචාරයට තායිවාන ජනාධිපති එක්වනුනේද චීනයේ දැඩි විරෝධය මධ්‍යයයෙය. විශේෂයෙන් චීන - ඇමෙරිකා බල පොරයේදී තායිවානය විශේෂ කාරණාවක් වන නිසාම ඇමෙරිකානු ජනාධිපති ට‍්‍රම්ප් තායිවාන ජනාධිපතිනයට ආරාධනා කරන්නට ඇති බව විදෙස් විශ්ලේෂකයන් සධහන් කරයි.

මෙම ගමනේදී තායිවාන ජනපතිනිය ඇමෙරිකාවට අමතරව කැරිබියන් දූපත්හි රටවල් කිහිපයකද සංචාරය කිරීමට නියමිතය.

මේ අතර තායිවාන ජනාධිපතිනිය නවාතැන් ගැනීමට නියමිතව තිබූ හෝටලය අසළට චීන හිතවාදී සහ තායිවාන හිතවාදී විරෝධතාකරුවන් රැසක් එක්ව සිටි බවද වාර්තා වේ.

කෙසේ වුවද වොෂින්ටනය වාර්තා කරන්නේ තමන් එක චීනයක් යන සංකල්පයෙහි සිටිමින් තායිවානය සමග ගනුදෙනු කරන බවයි.

 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න