ඉම්රාන් ඛාන් සහ ට්‍රම්ප් අතර හමුවක්

ඉම්රාන් ඛාන් සහ ට්‍රම්ප් අතර හමුවක්

එක්සත් ජනපදයේ නිල සංචාරයක යෙදෙන පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් ධවල මන්දිරයේදී ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවී ඇති බව වාර්තා වේ.

ඇෆ්ගනිස්තාන අර්බුදය හමුවේ බිඳ වැටී ඇති ඇමෙරිකානු - පාකිස්තාන සබඳතා තර කර ගැනීම මෙම සංචාරයේ අරමුණ වී ඇති තඅර එහිදී දෙරට අතර විවිධ එකගතාවයන්ද ඇති වනු ඇති බව පැවසේ.

පාකිස්ථානය බොරු පවසන බව සදහන් කරමින් පසුගිය වසරේ සිට ඇමෙරිකානු නායකයා පාකිස්තානයට ලබාදෙන ආරක්ෂක ආධාර අඩු කිරීමට කටයුතු කරනු ලැබීය.

එහෙත් පසුගිය වසරේ මහ මැතිවරණය ජයග්‍රහණය කිරීමත් සමග ඇමෙරිකාව සමග අන්‍යෝන්‍ය සබඳතා තරකර ගැනීමට කටයුතු කරන බව ඉම්රාන් ඛාන් පවසා සිටි අතර මෙය එහි එක් පියවරකි.

මෙම සංචාරය අතරතුර පාකිස්තාන නායකයා එරට සිටින මුස්ලිම් ප්‍රජාව මෙන්ම මුස්ලිම් ව්‍යාපාරිකයන්ද හමුවී සාකච්ඡා කර ඇති අතර පාකිස්තානය තුළ නව ආයෝජන අරඹන ලෙසද ඔවුන්ගෙන් ඉල්ලීම් කර ඇති බව වාර්තා වේ.

Pakistani Prime Minister Imran Khan speaks alongside 16c1ac948a4 large

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න