උතුරු කොරියාවෙන් තවත් මිසයිල දෙකක්

උතුරු කොරියාවෙන් තවත් මිසයිල දෙකක්

උතුරු කොරියාව තවත් මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි. සති දෙකක කාලයක් තුළ ඔවුන් විසින් මෙසේ මිසයිල අත්හදා බැලූ සිව්වැනි අවස්ථාව මෙය බව සදහන් කරන දකුණු කොරියානු ආරක්ෂක අංශ එය තමන්ගේ පමණක් නොව කලාපයේ ආරක්ෂාවටද තර්ජනයක් වන බවත් නීතී උල්ලංඝනය කිරීමක් බවත් සදහන් කරයි.

උතුරු කොරියාවේ දකුණුදිග හ්වැන්ග්හේ පළාතේ සිට දියත් කෙරුණු මෙම මිසයිල අර්ධද්වීපය හරහා ගොස් නැගෙනහිර මුහුදට පතිත වූ බවට සදහන්ය.

මේ සම්බන්ධයෙන් ඇමෙරිකාව විසින් දකුණු කොරියාවෙන් සහ ජපානයෙන් වැඩිදුර තොරතුරු විමසීමක් සිදු කිරීමට කටයුතු කරන බවද පවසා ඇත.

දකුණු කොරියානු - ඇමෙරිකානු හමුදා අභ්‍යාසයන්ට ප්‍රතිචාරයක් ලෙස උතුරු කොරියාව මෙම මිසයිල අත්හදා බැලීම් සිදුකරනු ලබයි.

මෙහි ප්‍රධාන අභ්‍යාසයන් එලැඹෙන 11දා ආරම්භ වීමට නියමිත අතර මෙම අභ්‍යාස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ දකුණු කොරියානු ජනපති මූන් ජේ-ඉන් විසින් කොරියානු අර්ධද්වීපයේ සාමය උදෙසා තැබූ ගිවිසුම් උල්ලංඝනය කිරීමක් බව උතුරු කොරියාව පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න