කුරුලු රංචුවක ගැටීම හේතුවෙන් හදිසියේ ගොඩබැස්වූ රුසියානු ගුවන්යානයේ සිටි මගීන් 23දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.
මොස්කව් නගරයේ ෂුකොව්ස්කි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ක්‍රිමියාවේ සිම්ෆෙරෝපොල් වෙතගමන් කරමින් සිටියදී යානයට මෙම අනතුර සිදුවී ඇත.
එම අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය හා මගීන් 234දෙනකු සිටි බවත් බලධාරීහු පවසති.
යානය ගුවන්ගතවී සුළු මොහොතකින් මුහුදු ලිහිණියන් රංචුවක් යානයේ වැදුණු බවත් යානයේ එන්ජිම ක්‍රියා විරහිතවීම හේතුවෙන් හදිසියේ ගොඩබැස්වීමට සිදුවූ බවත් ගුවන් නියමුවා පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
