Language Switcher

V2025

සෞදි ගුවන් ප්‍රහාරවලින් යේමනයේ සියයකට වැඩි පිරිසක් ජිවිතක්ෂයට

යේමනයට එල්ලකළ සෞදි ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් සිය දෙනෙකුට වැඩි පිරිසක් ජිවිතක්ෂයට පත්වී ඇත.

යේමනයේ රැදවුම් මධ්‍යස්ථානයක් ඉලක්ක කර ගනිමින් ගුවන් ප්‍රහාර 06ක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

සවුදි කැරලිකරුවන් යේමනයට එල්ලකරන සෞදි ගුවන් ප්‍රහාරවලට ප්‍රති ප්‍රහාර එල්ලකරමින් සිටින බවද සඳහන් වේ. ලෝකයේ දරුණුතම මානුෂීය අර්බුදය යේමනයේ පවතින සිවිල් ගැටුම් හේතුවෙන් උද්ගතවී ඇති බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන අතර, යේමනයේ ජනගහනයෙන් 80%ක් වන මිලියන 24ක ජනතාවකට ආහාර ඖෂධ සහ නිවාස පහසුකම් නිසි ලෙස නොලැබෙන බවද වාර්තා වේ.