රොබට් මුගාබේ අභාවප්‍රාප්ත වෙයි

රොබට් මුගාබේ අභාවප්‍රාප්ත වෙයි

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ අභාවප්‍රාප්ත වී තිබේ.

දශක තුනක කාලයක් සිම්බාබ්වේ රාජ්‍යය පාලනය කළ රොබට් මුගාබේ, මිය යන විට 95 වන වියෙහි පසුවිය.

රෝගාතූරව සිටි රොබට් මුගාබේ ඉකුත් අප්‍රේල් මාසයේ සිට සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලැබී ය.

1924 වසරේ පෙබරවාරි මස 21 වන දා රොඩේසියාවේදී උපත ලැබු රොබට් මුගාබේ, රොඩේසියා රජය විවේචනය කිරීමේ චෝදනාවට 1964 වසරේ සිට දශකයකට අධික කාලයක් බන්ධනාගාරගතව සිටියේ නඩු විභාගයකින් තොරව ය.

බන්ධනාගාරගතව සිටියදීම, 1973 වසරේදී රොබට් මුගාබේ සිම්බාබ්වේ අප්‍රිකානු ජාතික සංගමයේ සභාපතිවරයා ලෙස තෝරා ගැනිණි.

සිම්බාබ්වේ රාජ්‍ය නිදහස ලබා ගැනීමෙන් පසු එරට අග්‍රාමාත්‍ය ධූරයට පත් ප්‍රථම පුද්ගලයා ද රොබට් මුගාබේයි.

1987 වසරේදී ඔහු සිම්බාබ්වේ රාජ්‍යයේ ජනාධිපති ධූරයට පත් විය.

බලයට පත් වූ මුල් වකවානුවේ කළු ජාතික ජනතාවට සෞඛ්‍යය පහසුකම් සහ අධ්‍යාපනික අවස්ථා ලබාදීම වෙනුවෙන් ඔහු කළ මෙහෙවර ජනතා ප්‍රශංසාවට ලක් විය

එහෙත් මතභේදයට තුඩු දුන් ඔහුගේ ඉඩම් ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය, සිම්බාබ්වේ රාජ්‍යයේ ආර්ථික පරිහානිය කරා ගෙන ගියේ ජනතා විශ්වාසය ද බිඳ දමමිනි.

ඔහුගේ පාලන කාලයේ අවසන් වසර කිහිපය තුළදී මානව හිමිකම් උල්ලංඝනය කිරීම සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල විය.

නූතන සිම්බාබ්වේ රාජ්‍යයේ පියාණන් ලෙස ද සැලකෙන රොබට් මුගාබේ, 2017 වසරේ නොවැම්බර් මාසයේදී හමුදා කුමන්ත්‍රණයකින් ධූරයෙන් පළවාහැරියේ තිස් වසරක පාලන යුගය නිමාවට පත් කරමිනි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න