මෙක්සිකෝවේ ජලිස්කෝ ප්‍රදේශයේ ළිඳක තිබී පුද්ගල සිරුරු 44ක් සොයාගත් බව බලධාරීහු පවසති.
කළු පැහැති උර 119ක බහා තිබූ මෙම මළ සිරුරු කොටස් අතරින් සිරුරු 44ක් හඳුනා ගැනීමට අධිකරණ වෛද්‍ය විද්‍යාඥයෝ සමත්ව සිටිති.
එම ප්‍රදේශයෙන් දැඩි දුගදක් හමන බවට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු පැමිණිලි මත සොයා බැලීමේදී මෙම සිරුරු හමුවී ඇතැයි සඳහන් වේ.
සිරුරු බොහොමයක අවයව කපා වෙන්කර තිබූ අතර අනන්‍යතාවය සොයාගැනීම සඳහා ඒවා එකිනෙක ගළපා බැලීමට වෛද්‍යවරුන්ට සිදුවී ඇත. බොහෝ සිරුරු හඳුනාගැනීමට නොහැකිවූ බවද වෛද්‍යවරු පවසති.
සිරුරු හඳුනාගැනීම සඳහා තවත් විශේෂඥයින් එම ස්ථානයට යොදවන ලෙසත් දැනට සිරුරු හඳුනාගන්නා ආකාරය සම්බන්ධව සෑහීමට පත්විය නොහැකි බවත් අතුරුදන්වූවන් සම්බන්ධව කටයුතු කරන සංවිධායක මෙක්සිකෝ රජයට දැනුම් දී තිබේ.
මෙක්සිකෝවේ අතිශය සාහසික මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නිජබිම ලෙස ජාලිස්කෝ පළාත හැඳින්වෙන අතර එම පළාතෙන් සිරුරු විශාල සංඛ්‍යාවක් හමුවූ දෙවන අවස්ථාව මෙය ලෙස සඳහන් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
