හගිබිස් ජපානය හොල්ලයි

හගිබිස් ජපානය හොල්ලයි

හගිබිස් සුළි කුණාටුව හේතුවෙන් ජපානයේ පුද්ගලයින් හය ලක්ෂකයට අධික පිරිසක් ආරක්ෂිත ස්ථාන කරා යොමු කර තිබේ.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 700ක පමණ ධාරානිපාත වැසි ඇති විය හැකි බව කාලගුණ බලධාරීන් සඳහන් කර තිබේ.

ජපානය මෙවැනි දරුණු සුළි කුණාටුවකට මුහුණ දෙන්නේ වසර 60කට පසුව ය.

3 වන කාණ්ඩයට අයත් සුළි කුණාටුවක් ලෙස හැඳින්වෙන හගිබිස් හමා යන්නේ පැයට කිලෝමීටර 195ක වේගයෙන් ය.

ටෝකියෝ අගනුවර, ෂිසූකා, කනගාවා, නගෝයා, නිගාටා ඇතුළු ජපානයේ මධ්‍යම සහ නැගෙනහිර ප්‍රදේශවලට මෙයින් දැඩි බලපෑම් එල්ල වනු ඇතැයි පැවසෙයි.

කාලගුණ නිවේදනයට අනුව ඉදිරි පැය 48 තුළ හකෝනේ නගරයට මිලිමීටර 700ක පමණ තද වැසි ඇති විය හැකි ය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න