ඉරාකයේ ක්‍රියාත්මක ආණ්ඩු විරෝධි උද්ඝෝෂණ අතරතුර හටගත් ගැටුම්වලින් පුද්ගලයින් 40 දෙනෙකු මිය ගොස් තිබේ.
බැග්ඩෑඩ් නුවරදී පොලීසිය එල්ල කළ කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් ඉන් දෙදෙනෙකු මිය ගොස් ඇත.
ප්‍රචණ්ඩ විරෝධතා හමුවේ තව ත් 2000 ට අධික පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සදහන් කරයි.
බොහෝ පිරිසක් මිය ගොස් ඇත්තේ ආරක්ෂක අංශ සමග ඇතිකරගත් ගැටුම් හේතුවෙනි.
රැකියා ලබා නොදීම යහපත් රාජ්‍ය සේවයක් හා දූෂණයට එරෙහිව ඉරාක වැසියන් මෙම ප්‍රචණ්ඩ විරෝධතා ආරම්භ කර ඇත.
මෙම මස මුලදී ඉරාකයේ පැවති මෙවැනිම රාජ්‍ය විරෝධි උද්ඝෝෂණයකින් පුද්ගලයින් 150 දෙනෙකු මිය ගියහ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
