අඩි 100ක් ගැඹුරු ළිඳක සිර වී සිටින පුංචි සුජිත්

අඩි 100ක් ගැඹුරු ළිඳක සිර වී සිටින පුංචි සුජිත්

තමිල්නාඩු ප්‍රාන්තයේ ගැඹුරු ඉතා පටු ළිඳක පැය ගනනාවක් සිරවි සිටින අවුරුදු දෙකක් පමණ වයස සුජිත් නැමති කුඩා දරුවෙකු බේරාගැනීම සඳහා මේ වනවිට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගම්මානයක ගැඹුරු ඉතා පටු ළිඳකට වැටී දෙහැවිරිදි සුජිත් අනතුරට පත්වන්නේ ඉකුත් සිකුරාදා දිනයේදී.

එරට ත්‍රිවිධ හමුදාව, ආපදා අංශ ඇතුළු විශාල පිරිසක් මේ වන විට දැඩි පරිශ්‍රමයක් දරමින් සංකිර්ණ මෙහෙයුමක නිරතව සිටින බව එරටින් ලැබෙන නවතම වාර්තා සදහන් කරයි.

එම දරුවා මුදාගැනීමට මෙහෙයුමක් ආරම්භ කර පැය ගණනාවක් ඉක්ම ගොස් ඇතත් දරුවා බේරා ගෙන ඇත.

මේ වනවිට සිරව සිටි ස්ථානයේ සිට මීටර් 70ක් පමණ පහළට වැටී ඇති සුජිත් අඩි 100 ක් පමණ වන ගැඹුරු ස්ථානයක සිරව සිටින බව වාර්තා වේ.

සිදුවීම වාර්තා වූ සැණින් මුදාගැනීමේ කණ්ඩායම් පැමිණ මෙහෙයුම් ආරම්භ කර තිබුණි.

ඔවුන් දරුවා සිරව සිටින ස්ථානයට යාබද පෙදෙසක සිට කැණීම් පටන් ගෙන ඇති අතර උමං මාර්ගයකින් දරුවා සිටින ස්ථානයට ළඟා වී ඇත.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න