කසකස්ථාන ගුවන් යානයක් කඩා වැටෙයි

කසකස්ථාන ගුවන් යානයක් කඩා වැටෙයි

කස්කස්ථානයේ අල්මාටි ගුවන් තොටුපොළ ආසන්නයේදී පුද්ගලයින් 100 දෙනකු රැගත් ගුවන් යානයක් කඩා වැටී තිබේ.

අල්මටි ගුවන්තොටුපළින් ගුවන්ගත කර සුලු වේලාවකට පසුව යානය එලෙස කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වනවිට යානයේ සිටි පුද්ගලයින් 07 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවට කසකස්ථාන බලධාරීන් තහවුරු කර ඇතත් දිවි ගලවාගත් කිසිවෙකුත් පිළිබඳව ද මෙතෙක් තොරතුරක් වාර්තා වී නොමැත.

යානය කසකස්ථානයේ විශාලතම නගරය වන අල්මටි සිට එරට අගනගරය වන නර්සුල්තාන් වෙත ගමන් කිරීමට නියමිතව තිබී ඇත.

අනතුර සිදු වන අවස්ථාවේ යානයේ මගීන් 95 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සේවකයින් 5 දෙනෙකු සිට ඇති බව අල්මටි ගුවන්තොටුපොළ බලධාරීන් පවසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න