වසර 119කට පසු නවදිල්ලියට දැඩි සීතලක්

වසර 119කට පසු නවදිල්ලියට දැඩි සීතලක්

වසර 119 කට පසු ඉන්දියාවේ, නවදිල්ලි අගනුවර ජනතාව අත්දුටු ශීතලම දෙසැම්බර් දිනය ලෙස ඊයේ වාර්තා අතරට එක්විය.

ඊයේ නවදිල්ලියෙන් වාර්තාවූ උපරිම උෂ්ණත්වය සටහන් වන්නේ සෙලිසියස් අංශක 9.4 ක් ලෙසයි.

නවදිල්ලි අගනුවරින් මෙවැනි ශීතල දෙසැම්බර් දිනයක් වාර්තා වන්නේ 1901 වසරට පසුවයි.

1901 වසරේ දෙසැම්බර් මාසයේදී නවදිල්ලියේ උපරිම උෂ්ණත්වයේ සාමාන්‍ය අගය සටහන් වන්නේ සෙලිසියස් අංශක 17.3 ක් ලෙසයි.

සෑම වසරකම දෙසැම්බර් මාසයේ නවදිල්ලි අගනුවර සහ රාජස්ථානයේ උපරිම උෂ්ණත්වය සෙලිසියස් අංශක 20 ත් 22 ත් අතර අගයක් ගනු ලබයි.

කෙසේ වෙතත් මේ වසරේ ඉන්දියාවේ ඇතැම් ප්‍රදේශවල ඉහළම උෂ්ණත්වය සෙලිසියස් අංශක 10 ක් පමණ දක්වා පහත වැටිණ.

අධික ශීතල කාලගුණය හේතුවෙන් හටගත් මීදුම් තත්ත්වය හමුවේ නවදිල්ලි අගනුවර දෛනික කටයුතු අඩාල වී තිබේ.

මේ හේතුවෙන් ඊයේ ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන්තොටුපලේ ගුවන් ගමන් වාර 650 ක් පමණ ප්‍රමාද වූ අතර ගුවන් ගමන් වාර 40 ක් අවලංගු කෙරිණ.

කෙසේවෙතත් ඉන්දියාවෙන් මෙම කාලසීමාව තුළ වාර්තා වන අධික ශීතල කාලගුණය අසාමාන්‍ය තත්ත්වයක් නොවන බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

ඔවුන් පෙන්වාදෙන්නේ ජම්මු කාශ්මීරය , ලඩක් , හිමාචල් ප්‍රදේශ් ඇතුළු ආසන්න ප්‍රදේශවලින් වාර්තාවන අධික ශීතල කාලගුණය මෙයට හේතුවිය හැකි බවයි .

ඇෆ්ඝනිස්ථානය , තජිකිස්ථානය , උස්බෙකිස්ථානය , ටර්ක්මෙනිස්ථානය මෙන්ම ඉරානයේ ඇතැම් ප්‍රදේශවලට ද මේ වනවිට අධික ශීතල කාලගුණයක් පවතින බව විද්‍යාඥයෝ පෙන්වා දෙති.

චීනයෙන් සහ මොන්ගෝලියාවෙන් ද මේ වනවිට මෙවැනිම අධික ශීතල කාලගුණයක් වාර්තා වේ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න