අනාක් ක්‍රැකටු විදාරණය වෙයි

අනාක් ක්‍රැකටු  විදාරණය වෙයි

ඉන්දුනීසියාවේ අනාක් ක්‍රැකටු ගිනිකන්ද විදාරණය වී ඉන් කිලෝමීටරයක් පමණ ඉහළට අළු නිකුත් වෙමින් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කරයි.

ඉන්දුනීසියාවේ පිහිටි සක්‍රීය ගිනිකන්දක් වන අනාක් ක්‍රැකටු ගිනිකන්ද පසුගිය සඳුදා සිට විදාරණය වී ඇත.

ගිනිකන්දේ විවර තුළින් උඩු ගුවනේ කිලෝමීටරයක් පමණ ඉහළට දුම් සහ අළු නිකුත් කෙරෙමින් ඇති බව වාර්තා සඳහන් කරයි.

අනාක් ක්‍රැකටු ගිනිකන්දේ වට ප්‍රමාණයේ සිට කිලෝමීටර් දෙකක් පමණ ප්‍රදේශයේ වෙසෙන ජනතාවට අවධානයෙන් සිටින්නැයි බලධාරීන් අනතුරු අඟවා තිබුණි.

එමෙන්ම ගිනිකන්ද ආසන්නයට පැමිණීමෙන් වලකින ලෙසත් බලධාරීන් සංචාරකයන්ගෙන් සහ එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියි.

කෙසේ නමුත් ඉන් නිකුත්වන ලාවා සාගරයට ගලායෑමේ අවදානමක් මේ වන විට නොමැති බවද බලධාරීන් පවසයි.

ඉකුත් වර්ෂයේ ඔක්තෝබර් මස අනාක් ක්‍රැකටු ගිනි කන්දේ සිදුවූ විදාරණය හේතුවෙන් සුනාමියක් හටගත්තේය.

එහිදී ගොඩබිමට කඩාවැදුණු මීටර් 5ක් පමණ උසැති මුහුදු රළට බිළිවූ පුද්ගලයන් ගණන 430ක්.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න