අසර්බයිජානයේ මහල් නිවසක හටගත් ගින්නකින් ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙකු මිය ගොස් තිබේ.
අසර්බයිජාන් බාකුහි වෙස්ටන් කැස්පියන් විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශ්‍රී ලාංකික සිසුවියන් තිදෙනෙක් එලෙස මියගොස් ඇත.
ඔවුන් අවුරුදු 21, 23 හා 25 යන වයස්වල පසුවන බව විදෙස් වාර්තා අනාවරණ කළේ ය.
විදුලි කාන්දුවකින් එම ගින්න හටගෙන අති බවත් එරට පොලීසිය හා ගිනි නිවීම් අංශ එක්ව වැඩිදුර විමර්ශන සිදු කෙරෙන බව ද විදෙස් වාර්තාවල සඳහන් විය.
අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු විමර්ශනය කරමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
