ගිනස් ලෝක වාර්තා අනුව ඇවිදීමට හැකියාව සහිත ලොව මිටිම මිනිසා ලෙස හැඳින්වුණු අවුරුදු 27ක් වයසැති නේපාලයේ කගේන්ද්‍ර තාපා මාගර් මියගොස් ඇතැයි වාර්තා වේ.
නිව්මෝනියා රෝග තත්ත්වයක් හේතුවෙන් එරට රෝහලකදී ඔහු මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
නේපාලයේ බග්ලුන්ග් දිස්ත්‍රික්කයේ ජීවත් වූ ඔහුගේ උස සෙන්ටිමීටර් 67.08කි.
කගේන්ද්‍ර තාපා මගර් මියයන විට 27 හැවිරිදි වියේ පසු වුණි.
මාගර් මහතා ලොව කුඩාම මිනිසා ලෙස 2010 වර්ෂයේදී සිය 18 වන උපන්දිනය වෙනුවෙන් දේශීය සහ ජාත්‍යන්තර සම්භාවනීය අමුත්තන් සහභාගී වූ උත්සවයකදී සම්මානයට පාත්‍ර විය.
" මම කුඩා මිනිසකු ලෙස නොසිතමි. මම ලොකු මිනිසෙකි. කුඩා මිනිසකු බව සනාථ වීම හේතුවෙන් මට සහ මගේ පවුලට නිසි නිවසක් ලබාගැනීමට හැකිවනු ඇතැයි මම සිතමි." යැයි ඔහු ඒ අවස්ථාවේදී පැවසීය.
මීට පෙර ලොව මිටිම මිනිසා ලෙස හැඳන්වුනු නේපාලයේ චන්ද්‍ර බහදූර් ඩංගි මියගිය පසු තාපා මාගර්ට එම විරුදාවලිය ලැබිණි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
