ඉස්තාන්බුල් ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දමයි

ඉස්තාන්බුල් ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දමයි

තුර්කියේ, ඉස්තාන්බුල් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ගොඩබැස්වීමට ගිය ගුවන් යානයක් ධාවන පථයෙන් ඉවතට ගොස් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් 157 දෙනෙකු පමණ තුවාල ලබා තිබේ.

එම අවස්ථාවේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 06 දෙනෙකු ඇතුළුව යානයේ සිටි පුද්ගලයින් සංඛ්‍යාව 177කි.

පැවති වර්ෂාවත් සමග යානය ධාවන පථයෙන් ඉවතට ලිස්සා ගොස් කොටස් කිහිපයකට කැඩී අනතුරට පත්වූ බව විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

අනතුරත් සමග ඉස්තාන්බුල් ගුවන්තොටුපොළ තාවකාලිකව වසා දැමුණි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න