අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දෝෂාභියෝග චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර ඇත.
සෙනට් මණ්ඩල ඡන්ද විමසීමේදී අදාළ යෝජනාව පරාජයට පත් කරමින් මෙසේ නිදහස් කර ඇත.
එහිදී අමෙරිකානු ජනාධිපතිවරයාට එරෙහි චෝදනාවලට අදාළව වෙන් වෙන් ව ඡන්ද විමසීම සිදුකෙරිණි.
එහිදී බලය අවභාවිත කිරීමේ චෝදනාවට පක්ෂව ඡන්ද 48 ක් සහ විපක්ෂව ඡන්ද 52 ක් ලැබී තිබුණි.
කොංග්‍රසයේ කටයුතුවලට බාධා කිරීමේ චෝදනාවට එරෙහිව 53 දෙනෙකු සහ ඊට පක්ෂව 47 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කළේය.
ප්‍රතිවාදී අපේක්ෂක ජෝ බයිඩන්ට එරෙහිව විමර්ශන ක්‍රියාත්මක කරන්නැයි යුක්‍රේනයට බලපෑම් කිරීමේ සිදුවීම මුල් කරගනිමින්, ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝග චෝදනා ගොනු කළේ ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් විසිනි.
මේ අනුව දෙවැනි ධුර කාලය වෙනුවෙන් ලබන නොවැම්බර් මස 3 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ට පැවති බාධා ඉවත්ව යනු ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
