ජර්මනියේ වෙඩි තැබීමකින් 08 ක් මරුට

ජර්මනියේ වෙඩි තැබීමකින් 08 ක් මරුට

ජර්මනියේ, හනාවු නගරයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තව ත් පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා තිබේ.

තැබෑරුම් දෙකකට එල්ල වූ මෙම වෙඩි ප්‍රහාර සැලසුම් සහගතව කර ඇති බවට පොලීසිය සැක පළ කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එක් තැබෑරුමකට වෙඩි තැබූ සැකකරුවන් මෝටර් රථයකින් පළා යන අතරතුර තව ත් තැබෑරුමකට ද වෙඩි තබා ඇතැයි වාර්තා වේ.

පළමු ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු සහ දෙවැනි ප්‍රහාරයෙන් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගියහ.

ප්‍රහාරවලට හේතූ මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ අතර ජර්මනියේ, ලැම්බෝයි දිස්ත්‍රික්කයේ ද තව ත් වෙඩි තැබීමක් සිදු ව ඇතත් ඉන් සිදු වූ හානි මෙතෙක් වාර්තා වී නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න