වූහාන් රෝහලේ ප්‍රධාන අධ්‍යක්ෂක කොරෝනා වයිරසයෙන් මිය යයි

වූහාන් රෝහලේ ප්‍රධාන අධ්‍යක්ෂක කොරෝනා වයිරසයෙන් මිය යයි

වූහාන් නුවර ප්‍රධාන රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ලියූ ෂිමින් මහතා අද දින (18) කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇතැයි වාර්තා වේ.

රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී කණ්ඩායමේ ඉහළ ම නිලතල දරමින් සිටි පිරිස අතර, වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය දෙවන වෛද්‍යවරයා වන්නේ ලියූ ෂිමින් මහතාය. වයිරසය සම්බන්ධයෙන් පළමුව අනතුරු ඇඟවූ වුහාන් මධ්‍යම රෝහලේ අක්ෂි වෛද්‍යවරයකු වූ වෛද්‍ය ලී වෙන්ලියැන්ග් මහතා පසුගිය දා කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් මිය ගියේය.

වෛද්‍ය සේවකයෝ 10,000ක් පමණ පිරිසක් මේ වනවිට වයිරසය මැඩපැවැත්වීමට ක්‍රියාකරමින් සිටින අතර, චීනයේ බලධාරීන් පැවසුවේ පසුගිය සිකුරාදා දිනය වනවිට සෞඛ්‍ය සේවකයන් 1716කට රෝගය ආසාදනය වී ඇති අතර, 6දෙනෙකු මිය ගිය බවය.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න